
(අංජුල මහික වීරරත්න)
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල" අමතමිනි.
ලංකා කර්මාන්ත මණ්ඩලය 21 වන වරටත් මෙය සංවිධානය කර තිබූ අතර හොඳම කර්මාන්තකරුවන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.
බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය යළි ගොඩනැගුණු අාකාරය ලංකාවට ආදර්ශයක් සපයන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන්.. ගමන හොම්ම්බෙන්
1994 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලේසා පත්වූ දා ඉඳන් අද දක්වා විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති දුරවල් දරල සහ දරමින් සිටින මෙයා හැමදාම කියන්නේ එහම කරනවා, මෙහම කරනවා කියල කියනවා මිස කරපු දෙයක් නැහැ. මහා ලොකුවට කිව්වා ජාත්‍යන්තරයෙන් තමාට පහසුවෙන් උදව් ගන්න පුළුවන් කිව්වට, අද වෙනවිට ඔහුගේ සහ ඔහුව පත් කල හොරුන්ගේ සිහිනය පුස් වැඩිල්ලක් බවට පත් වෙලා.
දවසේ පචයා
ඔව් ඔව් විදුලි බිල අපහු වැඩි කරට පස්සේ , රනිල්ගේ සිහින ලෝකේ විතරයි කුඩා හා මාද්‍ය කර්මාන්ත කරුවන් ඉතුරුවෙන්නේ , මෙයාගේ මේ බයිලා අහන්න තවමත් මිනිස්සු එනවාද ලජ්ජා නැතිව ?
මෙයගෙ කතා විස්වාස කරන්නත් ඉන්නව අපෙ රටෙ සෙට් එකක්.. විදුලි බිල වැඩි කරල පැය 10ක් කරන්ක කපල තමයි මෙයා කුඩා කර්මාන්ත දියුනු කරන්ඩ යන්නෙ
හිටගෙනද?
ඒ බොහෝ අයත් දැන් බංකොළොත් අතින් විශිෂ්ඨයි.
බයිලා චක්‍රවර්තිට නොබෙල් තෑග්ගක් දෙනවා කියලා එහෙම කිව්වා නේද? අඩුගානේ වසරේ ලොකුම බොරු කාරයාට ඔස්කාර් සම්මානයක්වත් දෙනවා කිව්වද? මේ හැටි වාචාල කියවන්නේ...? මෙයාගේ සුළු පරිමාණ වෙළෙන්දෝ වෙන්න ඇති අර ගෝල්ෆේස් එකේ නාගානන්ද මහත්තයාට බනින්න ආවේ..
හැබැයි ජෙප්පන් ඉන්නකන් මෙරටට නැවත විදෙස් ආයෝජකයින්, කර්මාන්ත කරුවන් එන්නේ නැහැ... 1989 විදෙස් ආයෝජකයින්, කර්මාන්තකරුවෝ, ව්‍යාපාරිකයෝ රටින් පන්නා දැමුවේ ජෙප්පන්...