
(ටී.කේ.ජී.කපිල )
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් "පියුමා " නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන අද(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
මොහු කුඩු සළිදු වෙනුවෙන් ඩුබායි හි රැදී සිට මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීවරයෙකු මේ පිළිබඳ විමසීමක දී පැවසීය .
මොහු අද අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන දෙන්නෙක් ඉන්නවා පසුපස හැරිලා ඉන්න කෙනා තමයි හැමෝම බලන්නේ සලිඳුලට තැනක් නැහැ
කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. රටේ තියෙන නීතියෙන් මොවුන් ගැළවෙනවා. දැනටමත් කඵු කබා මහත්තුර් කුඩු සල්ලි ගිල ගිල පෝලිමේ ඇති තර්කයෙන් මොවුන් ගළවලා ගත්ත