IMG-LOGO

කුඩු සහ ලක්ෂ 21ක් සමග කතක් මාට්ටු

(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන ‘ඩුබායි නිපුන’ නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ රුපියල් ලක්‍ෂ 21 කට අධික මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එහිදී ඇය සතුව තිබූ මුදල් රුපියල් 2,150,000 ක මුදල් සහ ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදුන් බවත් විශේෂ කාර්ය බලකාර වැඩි දුරටත් සඳහන් කළේය.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් බොරැලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන හන්දියේදී කළ මෙහෙමකදී එම කාන්තා අත්අඩංගුවට ගත් බවත් එහිදී හෙරොයින් ග්‍රෑම් 20 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33 ක වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් උපාය දූතයකු දමා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බලකාය කීය.

 



අදහස් (0)

කුඩු සහ ලක්ෂ 21ක් සමග කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 350 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site