
(මනෝප්‍රිය ගුණසේකර)
තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රටින් පළාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු නමැත්තා ගොනු කර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා අද ඉදිරිපත් කළේය.
විදේශගතව සිටිමින් නීතිඥවරයකු මාර්ගයෙන් මෙවැනි රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතියෙන් කිසිඳු ඉඩක් නොමැති තත්වයක් තූල මෙවැනි පෙත්සම්වලට ඉඩ දුනහොත් නීතියට විශාල අගතියක් විය හැකි බව පෙන්වා දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න මහතා අදාළ මූලික විරෝධතා මතු කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ නීතීඥ මහතාගේ නමත් සඳහන් කරන්නකෝ...!
තියෙන ඔක්කොම ජඩකම් කරලා නීතියේ පිහිට ඉල්ලනවා බේරෙන්න