(නිමල කොඩිතුවක්කු )
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතා එම සංවිධායක ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්විටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැවසීය.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හෙට (22) පැවැත්වෙන මෙම තීරණය ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
අමිත බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් පක්ෂය මෙම පියවර ගත් බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු සමග අහුවෙල නිසයි පක්ෂයෙන් එලියට දැම්මේ, ඒත් මහතා. එතකොට ඇයි කුඩු සලිඳු මහතා, හරක් කටා මහතා, බූරු මුහුණ මහතා. මලකෙලියයි නේද?
පසුගිය දවස්වල අත්අඩංගුවට ගත්තු අය කුඩ්ඩො හොරු, මෙයා විතරක් "මහතා"????
හරි දැන් පක්ෂය ඉතාම පිරිසිදුයි අපි හරිම බයේ හිටියේ......
මෙම දිස්ත්‍රික් සංවිධායකවරයා අධිකරණයකින් වැරදිකරු වී නැත. එය සකස් කිරීමක් විය හැකිය. උසාවියකින් තීන්දුවක් දෙන්නත් කලින් පක්ෂය පියවර ගන්න ඉක්මන් වුණේ ඇයි?
එතකොට ලේකම්තුමෝ හොර සල්ලි ගහල කවුරු හරි අහුඋනොත් මොකද කරනේ?
මේ පක්ෂයේ ඉන්නෙත් තක්කඩි
මත් කුඩු නිර්මාතෘවරු එජාපයේ 1989 සිට පසුව අනෙකුත් පක්ෂ ජවිපෙ ද්‍රවිඩ හර අනුපාත ජීරණය පටන් ගත් දා සිට මනාප ගන්න වියදම් මත් කුඩු හරහා ලැබෙනවා
ඡන්ද කිට්ටු නිසා, මාර සංයමයක් හදාගන්න හදනවා.
සජිත් බබා දන්නේ නැද්ද? කළින් නම් කුඩු මුදලාලි කෙනෙක් කියලා... ඒ කියන්නේ සජිත්ට මිනිස්සු ගැන හරි අවබෝධයක් නෑ. ඔහේ ගන්නවා. කවුද කියලා බලන්නේ නැහැ...