(තිලකරත්න දිසානායක)
දිවා කාලයේ දිවයිනේ විවිධ නගරවල සැරිසරා සොරා ගැනීමට සුදුසු වෙළඳසැල් පිළිබඳව සොයා රාත්‍රී කාලයේදී පැමිණ වෙළඳසල්වල අගුල් කඩා මහාපරිමාණයෙන් සොරා ගැනීම් සිදු කළ බව කියන තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත් අඩංගුවට ගත් බව යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත්ව ඇත.
මත් ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති සොර කල්ලියේ නායකයා බව පැවසෙන පුද්ගලයා විසින් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ තවත් දෙදෙනකුද සම්බන්ධකරගනිමින් ඔහු සතු ලොරියක් භාවිතා කොට වෙළඳසල්වලින් රුපියල් ලක්ෂ ගණන් වටිනාකමින් යුත් විවිධ අන්දමේ භාණ්ඩ විවිධ ප්‍රදේශයන්හිදී සොරා ගැනීම් සිදු කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවීම මත දැනට රුපියල් කෝටි තුනක පමණ භාණ්ඩ අත් අඩංගුවට ගැනීමට හැකිවී යැයි පොලීසිය සඳහන් කරයි.
දැනට අත් අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු 34 හැවිරිදි කඩුවෙල , කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් දෙදෙනා කඩුවෙල සහ මීගහවත්ත ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 28 සහ 38 යන වයසේ පසුවන බවත් මොවුන් විසින් රුපියල් කෝටි හයක පමණ භාණ්ඩ සොරාගත් බව ප්‍රකාශ වී ඇති බවත් පොලීසිය පවසයි.
යක්කල නගරයේ විදුලි භාණ්ඩ වෙළඳසලකට ඉකුත් 16 වෙනි දින අලුයම් කාලයේදී ඇතුලුවී රුපියල් ලක්ෂ 9 ක් පමණ වටිනා ද්‍රව්‍ය පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර අධිකාරී රුවන් නාරාවිටගේ මහතාගේ සෘජු අධීක්ෂණය මත යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිදු ප්‍රභාෂ්වර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් දින 12 ක් පුරා විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂිත කැමරා පරීක්ෂාවට ලක්කරමින් ලොරි රථයේ අංකය හදුනාගෙන සැකකරුවන් ගමන්ගත් මාර්ග පරීක්ෂාවට ලක් කරමින් සිටියදී ගම්පහ , බැලුම්මහර ප්‍රදේශයේදී ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයෙහි තිබී අයිස් වර්ගයේ මත් ද්‍රව්‍ය මිලි ලීටර් 11, 500 ක් තිබී ඇති බවත් අනතුරුව සෙසු සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ලබාගත් රැඳවුම් නියෝග මත රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශ ගණනාවකදී සිදු කළ සොරකම් පිළිබඳව අනාවරණය වීම මත ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොරාගන්නා ලද භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය කියයි.
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කඩ සුද්දෙක් මාට්ටු