
(අංජුල මහික වීරරත්න)
කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රජය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දිවයින පුරා ඇති වැව් 200ක් මෙම වසරේ දී මෙම වැඩ පිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නාවුල පිළීහුඩුගොල්ල පුරාණ වැව රුපියල් 48,26,844ක මුදලින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමෙන් පසු අමාත්‍යවරයා මෙි බව කීය.
මෙහිදී ගොවි ජනතාව ඇමතූ අමාත්‍යවරයා ලබන මහ කන්නයේ දී වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට කිසියම් හෝ රසායනික පොහොරක් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව පැවසීය.
තවත් එක් පොහොර වර්ගයක මිල අඩු කර දීමට පියවර ගන්නා බවත්, රජය පොහොර සැපයීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව ගොවි ජනතාවට තම අභිමතය පරිදි පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය සහනාධාරය ගොවි ගිණුම් වලටම බැර කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැවු හැදිල්ල් කෙසේ වෙතත් ඔය වටේ තියන ගස් ටික කපගනී ,අවදානෙන් ඉන්න
ඇත්තටම එම මුදලෙන් වැඩේට වැය කරන්නෙ තුනෙන් එක යි ඉතිරි කොටස සාක්කුවල. කලින් ගන්නෙ සියයට දහයයි.