
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල්වලින් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඉදිකරන ලද රුපියල් කෝටි තුනක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් පරිහරණය තහනමට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එම නිවසේ පදිංචිව සැකකරුගේ සමීපතමයෙකුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉකුත් ජනවාරි මස දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කැස්බෑව ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 22 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්කුඩු පානදුර සලිදු නැමැත්තාට අයත් ඒවා බවට අනාවරණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කළ පරීක්ෂණවලදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් පොල්ගස්ඕ විට හල්පිට පාසල් මාවතේ එකී නිවස පිහිටි ඉඩම අත්අඩංගුවට ගත් සැකකාරියගේ මවගේ නමින් මිලදීගෙන ඉදිකර තිබූ බවට අනාවරණය විමෙන් අනතුරුව මෙලෙස තහනමට ලක් කළ බව බව පොලිස් නිලධාරීයෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී හල්පිට දුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් තවත් ඉඩම් දෙකක් සහ ඉදිකෙරෙමින් පවතින නිවාස දෙකක් පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මහජන මුදල් සහ දේපළ අවභාවිතා කරලා උපයාගත් දේපළ, වත්කම් ඔහොම රාජසන්තක වෙන්නේ නැහැ ලංකාවේ නම්.. ජයවේවා...!
වැරැදි නරක අභිරහස් මුදල්වලින් සැප පහසුවට ජීවත් වෙන්න ඉඩ දෙන්න එපා. මේ උතුම් නීතිමය ක්‍රියාවට අපගේ ප්‍රශංසාව...!
දේශපාලකයන් හොරාකාපුවත් බලන්න. නැතිනම් රට දුප්පත් වෙනවා.