(රෝෂන් තුෂාර)
වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයා දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(02) නියෝග කළේය.
තුප්පෙහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් සහ තුප්පෙහි ආරච්චිලාගේ රන් දෙව් සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා රුවන් නමැති සැකකරුට රුපියල් කෝටි තුනක මුදල් ඇපයක් නියම කරමින් එම ඇප මුදල් අධිකරණ භාරයේ තබන ලෙසට නියෝග කළේය.
ඊට අමතරව රුපියල් මිලියන එක බැගින් ශරීර ඇප හතක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉන් ඇපකරුවන් සිව් දෙනෙකු විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් විය යුතු බවද,එම විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට පත් කළ යුතු බවද නියෝග කළේය.
රන්දෙවු සැකකරුට රුපියල් මිලියන එක බැගින් ශරීර ඇප හතරක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශක මන් බලපත්‍ර ද අධිකරණය භාරයට පමුණුවන ලෙසට දන්වා සිටියේය.
රුපියල් ලක්ෂ පනහක මුදල් ඇපයක්ද නියම කළ අතර සියලු ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරමින් සහතික ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.
සැකකාර රොෂාන් වෙනුවෙන් පෙනී සිටිමින් වරකපොළ ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත්තේ යැයි කියන මට්ටක්කුලියේ පින්තාරු කරුවකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු රොෂාන්ට ඇප
Aruna Thursday, 08 February 2024 05:27 AM
දේශබන්දුගේ සහ ටිරාන්ගේ නරිනාටක....නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ... අන්තිමට බලෙන් ගන්නා බදු තවත් නාස්තියක් පමණි. ඉතුරු "යුක්තියත්" ඔච්චර තමා.