(රෝෂන් තුෂාර)
වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයාට පැනවූ දැඩි ඇප කොන්දේසිවල මුදල් ඇපය ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(06) නියෝග කළේය.
රුපියල් කෝටි තුනක් ලෙස නියම කළ මුදල් ඇපය රුපියල් කෝටි දෙක දක්වාද ,දෙවන සැකකාර සහෝදරයාට නියම කළ රුපියල් ලක්ෂ පනහක මුදල් ඇපය රුපියල් ලක්ෂ විස්ස දක්වාද අඩු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ අධිකරණ භාරයේ තැබිය යුතු ඇප මුදල් සංශෝධනය කළේය.
තුප්පෙහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් සහ තුප්පෙහි ආරච්චිලාගේ රන් දෙව් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර රුපියල් කෝටි තුනක මුදල් ඇපයක් රුපියල් මිලියන එක බැගින් ශරීර ඇප හතක් සහ
රන්දෙවු සැකකරුට රුපියල් මිලියන එක බැගින් ශරීර ඇප හතරක්,.රුපියල් ලක්ෂ පනහක මුදල් ඇප මත සැකකරුවන් මුදා හැරීන ලෙසට මීට පෙර නියෝග කර තිබිණි.
සියලු ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරමින් සහතික ඉදිරිපත් කළ යුතු බවටද ,ඇපකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයේ තැබිය යුතු බවද නියෝග කර තිබිණි.
එම දැඩි අප කොන්දේසි වල මුදල් ඇපය මෙසේ ලිහිල් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු රොෂාන්ගේ ඇප ලිහිල් කරයි
Aruna Thursday, 07 March 2024 07:44 AM
අනේ අපේ බදු සල්ලි යුක්තිය වෙනුවෙන්... ආ අමතක වුණා දැන් මම පොලිස්පතිනේ...