(මනෝ ප්‍රිය ගුණසේකර)
කුඩ නඩුවක සාක්ෂි දීමට උසාවියට නොපැමිණි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා මෙම නඩුව පවරා පවත්වාගෙනයන්නේදැයි ඉදිරි දීනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියම කළේය.
නඩුවේ සාක්කි දීම සඳහා දින පහක්ම අධිකරණයේ පෙනී නොසිටි මෙම පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා වරෙන්තව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා මගින් වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙසද නියම කළේය.
වැටලීමට අදාල සටහන් ,නඩු භාණ්ඩ මුද්‍රා තැබීම් පිළිබඳව විවිධ අඩුපාඩු ඇති මෙම නඩුවේ සාක්කි දීම සඳහා වැටලීම කළ නිලධාරීන් අධිකරණයට නොපැමිණීම නිසා විත්තිකරු වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බව කියමින් විත්තිකරුගෙ නීතිඥ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනිම දේවල් අධිකරණවල නිතර සිදුවන අතර, අනෙක් පුද්ගලයා අසාධාරණ කාලය හා මූල්‍ය හානි සිදු වේ. මෙවැනි දේවල් සිදු නොවීමට වගබලා ගැනීම යහපත්ය.