(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝග්රෑම් 152ක් ටෝලර් යාත්‍රාවකින් ලංකාවට රැගෙනන එමින් සිටියදී නාවික හමුදාව මහ මුහුදේදී අල්ලා ගත් ධීවරයන් පස්දෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ක්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්වය සැළකිල්ලට ගන්නා බවද විත්තිකරුවන්ට දඬුවම් පමුණුවමින් සඳහන් කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඔස්වල් පෙරේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මාතර දික්වැල්ල හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන චමින්ද රෝෂාන් ප්‍රනාන්දු” ඇන්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු” දුලාජ් රවීන්ද්‍ර පෙරේරා” සුරංග බලඤ්ඤ සහ තරිඳු ජයමාල් ප්‍රනාන්ද නමැති ධිවරයින් පස්දෙනාටය.
2019 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට ආසන්න මෙන්ම ශ්‍රී ලංකාවට අනන්‍යය මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්රූම් 152.34 ක් ලඟ තබා ගැනීම” ජාවාරම් කිරීම සහ කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කුඩු නඩුවට පහක් පෝරකයට
Mohan Wednesday, 27 September 2023 07:49 PM
කෝ ඉතින් පෝරකේ .බොරු වැඩනේ
fairoos Wednesday, 27 September 2023 07:57 PM
ඉතාමත් හොඳ තීන්දුවක් .ක්‍රියාත්මක උනොත් හොඳයි
පැරකුම් Wednesday, 27 September 2023 10:48 PM
යහපත් ප්‍රවනතාවයක් මෙහම ගියොත් කුඩු උවදුර පාලනය කරගන්න පුලුවනි.