(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්රෑම් 1.3ක් ජාවාරම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කියන විත්තිකරුවකු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු අත්අඩංගුවට ගෙන දින 14කට පසු ඔහුගේ ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු අධිකරණයකට ඉදිරිපත් කොට ඇත්තේ ඉන් මාස 05ක කාලයකට පසුව බවත් පෙන්වා දෙමින් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තියේ වාචක නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ කළ ඉල්ලීමක් පිළිගනිමන් විත්ති වාචක නොකැඳවාම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ගල්කිස්ස වැටකෙයියාවත්තේ පදිංචි අභීත ජයරංග කහවල නමැත්තෙකි
2007 ජුලි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගල්කිස්ස වැටකෙයියාවත්තේදී හෙරොයින් ග්රෑම් 1.3ක් ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී
මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභගයේදී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. එල්. දුෂ්මන්ත නමැති නිලධාරීයා සාක්කි දෙමින් මීට වසර 15කට පෙර සිදුකළ මෙම වැටලීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් සිව්දෙනකු පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු සහ උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු ඇතුළු ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් 14 දෙකු සම්බන්ධ වු නමුත් සිද්ධියට අදාළව සටහන් යොදා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල ප්‍රනාන්දු නමැති නිලධාරියා පමණක් බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයනා මතිනියෙනි, ගංජා පමණක් නොවැ අනිකුත් මත්ද්‍රව්‍ය නීතිගත කිරීමට කාලය පැමිණ ඇත.
පොලිසියේ අයට ඕන කරලා තියෙන්න ඇත්තේ මෙයාව මාස 05ක් ඇතුලේ තියාගෙන දසවද දෙන්න විතරයි.