(ඉන්දිකා රාමනායක)
කොකේන් මත්කුඩු කිලෝ 2 1/2 ආසන්න ප්‍රමාණයක් සමග පිලිපීන් ජාතිකයකු ඇතුලු දෙදෙනකු නාරාහේන්පිට ප්‍රදේශයේ ලැගුම් හලක දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් අතඅඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
(28) හැවිරිදි පිලිපීන ජාතිකයා ඊයේ (16) ලැගුම් හලේ දී හොරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 294 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව ඔහුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සදහා මෝටර් රථයෙන් ලැගුම් හල වෙත පැමිණි සිටි මෙරට සැකකරු අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු කිරුළපන ප්‍රදේශයේ පදිංචි (43) හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහුගේ මෝටර් රථයේ තිබී රුපියල් ලක්ෂ 7 ක මුදලක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම සැකකරු ඩුබායි හි වෙසෙන මෙරට මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක්ගේ ගෝලයකු බවත්, ඔහුගේ දැනුම් දීම මත එම සැකකරු සිට මෝටර් රථයෙන් පිලිපීන ජාතිකහා හමුවට ගොස් මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට උත්සහ කිරීමේ එම ලැගුම් හලේ රැදී සිටි පොලිස් නිලධාරීන් එක සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුඩු කිලෝ 2 1/2 එක්ක පිලපීන ජාතිකයෙක් ඇතුළු දෙකක් මාට්ටු