
(නිමන්ති රණසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ “අංගොඩ ලොක්කා’ ගේ ඥාති සහෝදරියක වන “කුඩු ආශා” නමැත්තියගේ බැංකු ගිණුම් තුනක තිබී රුපියල් කෝටි 4කට අධික මුදලක් සැක සහිත ආකාරයෙන් සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ වාර්ථාවන්ට අනුව, ගිරිහාගම හතුරුසිංහ ඩිල්හානි ප්‍රියදර්ශනී සතුරුසිංහ නොහොත් කුඩු ආශා” නමැත්තිය අතුරුගිරිය ප්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකු තුනක පවත්වාගෙන ගිය ගිණුම් තුනක මෙම මුදල සංසරණය වී ඇත්තේ 2019 සහ 2020 යන වර්ෂවල දී බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
සැකකාරියට අයත් බැංකු ගිණුම්වල ඉකුත් 2019 වර්ෂයේ දී රුපියල් දෙකෝටි විසිහත්ලක්ෂ පනස් නවදහස් එකසිය පනහක (22,759,150.00) මුදලක් ද, 2020 වර්ෂයේදී රුපියල් දෙකෝටි එක්ලක්ෂ දහඅටදහස් නවසිය හැටක (20,118,960.00) මුදලක් ද, තැන්තපත්වී ඇති අතර මෙකී මුදල් කිනම් කරුණක් මත තැන්පත් වූවාද සහ නැවත ආපසු ලබාගෙන ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම සැකකාරියට හෝ ඇයගේ පවුලේ සමීපතමයින්ට පරම්පරාගත උරුමයෙන් හෝ නිත්‍යානුකූලව උපයාගත් යම ්චංචල හෝ නිශ්චල දේපළක් හෝ ප්‍රකට ආදායමක් හෝ නොමැති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද එයාගේ විතරක්? කෝටිපතියන් වෙලා ඉන්න තව අයත් ඉන්නවානේ... ඒ ගොල්ලෝ ගැන හොයන්න අවශ්‍ය නැද්ද?
එතකොට ලන්සාගේ? ඒවා හොයන්නේ නැද්ද?