
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති දැනට ප්‍රංශ රටේ රිමාන්ඩ් භාරයේ පසුවන රත්මලාන කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙසජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමට ප්‍රංශ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද එරටින් ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රත්මලානේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශ අධිකරණයක් හමුවට පහුගිය 4වෙනිදා ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් ඔහු රිමාන්ඩ් බාරයට පත්කර මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු දේපල උපයාගත් ආකාරය ගැන විමර්ශන ප්‍රංශ පොලිසිය ආරම්භ කර තිබේ.
මුදල් විශුද්ධිකරණය ප්‍රංශ නීතිය අනුව අතිශය බරපතළ වරදක් බව බව ද සැලකේ.
ප්‍රංශයේ සුපිරි අවන්හලක් මිලදී ගෙන එය කුඩු අංජු නැමැත්තාගේ අනියම් බිරිඳ බවට පැවසෙන ප්‍රංශ ජාතික තරුණියගේ නමින් පවත්වාගෙන යන බව ද ප්‍රංශ ආරංචි මාර්ග පවසයි.
රත්මලානේ කුඩු අංජු නැමැත්තා මිලදී ගෙන සිය අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික තරුණියට ලබාදුන් අවන්හල නමස්තේ යන නමින් පවත්වාගෙන යන බව සඳහන් වේ.
නමස් තේ නමින් හැඳින්වෙන මෙම අවන්හලේ නිතර සාද පැවැත්වෙන බවත් එයට කුඩු අංජු නැමැත්තාගේ සුරූපී ප්‍රංශ බිරිඳ ද සහභාගි වී නර්තන ඉදිරිපත් කරන බවත් එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වැඩිදුරටත්වාර්තා වේ.
මීට අමතරව ප්‍රංශයේ බෝදෝ ප්‍රදේශයේ වයින් කම්හලක් ද මොහු වෙනත් අයකුගේ නමින් පවත්වාගෙන යනු ලබන බව කියති.
ප්‍රංශයට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් බවට සැලකෙන ගල්කිස්සේ ජූඩ් ප්‍රියන්ත සහ බටුවත්තේ චාමර නැමැත්තෙකුමෙම ව්‍යාපාර කටයුතු සඳහා රත්මලානේ කුඩු අංජු නැමැත්තා විසින් හවුල් කරගෙන සිටින බව පැවසේ.
කුඩු අන්ජු නැමැත්තා සහ ඔහුගේ බිරිඳ අතර පවතින ආරවුල් සමථයකට පත්කර පවුල සාමදාන කිරීමටමොවුන් දෙදෙනා දැඩි වෙහෙසක් ගන්නා බවද එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ප්‍රංශ සුරූපිනිය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය නතර කර ඇයට මුදල් ලබාදීම නතර කරන්නේ නම් පමණක් නැවත ඔහු සමඟ පවුල් ජීවිතයක් ගත කිරීමට කැමති බව කුඩු අංජු නැමැත්තාගේ බිරිඳ මෙහිදී පවසා ඇතැයි ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන රත්මලානේ කුඩු අංජු නැමැත්තා පවසා ඇතැයි කියන්නේ ප්‍රංශ ජාතික තරුණිය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාව කිසිසේත් නතර කර දැමිය නොහැකි යැයි කියති.
රත්මලානේ කුඩු අංජු නැමැත්තාට ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ද ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හොර තක්කඩි, මිනීමරු පරයන් මේ නොහොබිනා කම් ඔක්කොම කළේ තක්කඩි දේශපාලකයන්ගේ රැකවල් මැද.
මේ රටේ අයුතු ආකාරයෙන් මුදල් උපයාගෙන රටේ මහා ඉහළින් ජීවත්වෙන ධන කුවෙරයන් සිටිනවා.ඒ අතර ඇතැම් දේශපාලකයන් හා ඔවුන්ගේ ගෝල බාලයන්ද සිටිනවා.ඒ ගැනද සොයා බැලීමට රටේ ජනතාවට නුවණ පහළ වේවා ...
රටේ ආරක්ෂාව හරියට තියෙනවා මේ වගේ උන් නිදහසේ ඉඳි ද ? මත් කුඩු විකුණන උන් දිනපතා වැඩි වෙයිද ? දෙමාපියන්ට තමන්ගේ දරුවෙක් පාරේ තනියෙන් යවන්න කලින් සියවරක් හිතන්න වෙන තත්වයක් ඇතිවෙයිද ? නැවු ගණන් කුඩු ගෙනල්ල ඒවා අහු වුනහම උන්ට ඇප ලැබිල ගෙදර යයිද ? ඉතා අමාරුවෙන් අල්ලන්ගෙන ආපු පාතාල මැරයෝ, මත් කුඩු විකුනනවා කියල ප්‍රසිද්ධ උන්ට ඇප ලැබෙයි ද? ලංකාවේ ලොකු පඩි වාහන ආරක්ෂාව, අතට පයට ගෝලයෝ දීල, උපදේශකයෝ දීල දීල නඩත්තු කරන ජනාධිපති කෙනෙක් ඉන්නවා , ඒ වගේම උස්මුරුත්තාව හැදෙනකල් රුපියල් 350ට 5-star හෝටල් වල කෑම දීල, ඩීසල් පෙට්රෝල් දීල පාර්ලිමේන්තු එනවටත් ගානක් දීල නඩත්තු කරන අම්බාරුවෝ ටිකක් දියවන්නාවේ ඉන්නවා. ඒ වගේම එතන ඉඳල පල්ලෙහට ප්‍රාදේශීය සභාවට යනකල් බලාගන්න පාලක තන්ත්‍රයක් ඉන්නවා. ලක්ෂ 2ක හමුදාවක් ඉන්නවා, CID ,SF ,STF ,බුද්ධි අංශ , ලොකු පොලිසියක් , අධිකරණයක් නීතිපති දෙපාර්තමේන්තුවක් අපේ බදු මුදලින් නඩත්තු වෙනව (ඒ හැරෙන්න නීතියානුකුල නොවන විදියට මේ ආයතන නඩත්තු කරන අය ගැන තියෙන කසු කුසු ගැන අපි දන්නේ නැහැ ) මේ ආයතන , පුද්ගලයින් විසින් තමන්ගේ රාජකාරිය හරියට වෙනවා නම් මේ වගේ උන්