( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේදී කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම ට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනුකරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.
එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
එම පරීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගේ නායකත්වයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.
මේ බව තහවුරු කෙරෙන පොලිස්පතිවරයාගේ ලිපියක් ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන කාරණය පිළිබඳව පෙත්සම්කරුගෙන් විමසා ලබන මැයි මස 06 වනදා අධිකරණයට දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර නඩු කිව්වත් වැඩක් නැහැ. දේශපාලකයින්ට කඩේ යන එකනම් අන්තිමට නිදොස් කොට නිදහස ලැබේවි.
දැන්ද හොයන්නේ?
මේ පළාත් සභා ඡන්දෙ එහෙම තියන්නනේ යන්නේ... එතකොට ‘‘අපි සහරාන්ගේ අරක කළා.. මේක කළා.. කුඩු ඇල්ලුවා‘‘ ආදී වශයෙන්. එතකොට මිනිස්සුත් ඉන්නවනේ... රෙදි පෙන්නුවාම තමන්ම කපලා මහලා ඇඳගෙන, නිරුවතත් පෙන්නන්න බලාගෙන. එතකොට ඒ ඡන්දෙත් උඩින්ම දිනයි. ඡන්දෙන් පස්සේ මේ නඩු ෆයිල් ටික ආපහු අල්මාරිවලට යයි.
එකක් නොවෙයි දෙකක්. ඒකෙන්ම පේනවා වැඩේ කොහොමද වෙන්න යන්නේ කියලා...
බොරු සෝබන කියන්නේ නැතුව පළාත් සභා ඡන්දෙට මුහුණ දෙන්න. සෑම ආණ්ඩුවක්ම කළේ ජනතාව මුලාකරන එක.
කඩුවක්, කිනිස්සක්, කෙටේරියක් නැතිව කොහොමද මේ මිලේච්ඡයින්ගේ රටේ ජීවත් වෙන්නේ? අනාගතයේදී බෝම්බයක් බැඳ නොගෙන මේ රටේ ජීවත් වෙන්න සිදුවෙන තත්ත්වයකුයි දැනට පවතින්නේ?
ඒ කියන්නේ කාදිනල්තුමා පෙත්සමක් දැම්මේ නැත්නම් කඩු ගැන හොයන්නේ නැද්ද? අපරාධයක් ගැන හොයන්න අපි පෙත්සම් දාන්න අවශ්‍යයිද?
අවුරුදු 2ක් තිස්සේ නිදාගෙනද උන්නේ? දේශපාලුවෝ නොදැන මේ දේවල් සිද්ද වෙන්න විදියක් නැහැනේ...