IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

(යොහාන් භාසුර)

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු කරන පොලිස් කණ්ඩායම සහ දරුවාගේ මාපියන් සමග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශනයක් කරන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දුන්නාය.

මෙම සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදු කළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව මෙම පිරිසට අග්‍රාමාත්‍යවරිය දැනුම් දුන්නාය.

ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතන වල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහිදී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් ඇය පැවසුවාය.

මෙම අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහභාගී වූහ.

 



අදහස් (9)

කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

යක්සයා Saturday, 10 May 2025 08:26 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා සරෝජා පෝල්රාජ් කියන උද්දච්ච මෝඩ ඇමැතියාව ගෙදර යවන්න...

:       1       3

PGPThilak Saturday, 10 May 2025 09:17 PM

මේවගේ දෙයක් උද්ඝෝෂණය කරන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව කළා නම් තමයි අපිට සතුටක් දැනෙන්නේ...?

:       3       45

Anura Saturday, 10 May 2025 09:41 PM

දැන් තමයි නැගිටලා තියෙන්නේ, මෙයත් කජුසීයාගේ ජාතියේම එක්කෙනෙක් තමයි.. වැරැදිලා වෙන පක්ෂෙක ඉන්නේ...!

:       1       2

CHATHIYA RAJU Saturday, 10 May 2025 11:41 PM

අහිංසක දරුවෙක් මාර්ගගත අයට හෙණ හතම ගහපුවාවේ... බොරු රකින්නයි, අපරාධ කරන්නයි CID යන එක NPP ආණ්ඩුවේ පුරුද්දයි.

:       1       3

Rasika Sunday, 11 May 2025 02:33 AM

කලින් ආන්ඩු කමිටු පත්කරලා සල්ලි නාස්තිකරලා කියලා කෙතරම් කෑගැහුවද මේ අය? දැන් කරන්නේ ඒ දේම නේද? මේ ටිකට කමිටු කීයක් දැම්මද මොකක්ද ප්‍රතිඵලය? මහජනතාවට අමතක වෙනකම් ඇදගෙන යනවා. හොඳම උදාහරනය කන්ටේනර් පන්නපු එකට දාපු කමිටුව. කෝ රිපෝට්?

:       1       4

upul Sunday, 11 May 2025 04:31 AM

ආණ්ඩුවේ සල්ලි දාලා කමිටු දාලා JVP බත් බැලයෝ රකින්නේ...

:       1       6

අරුණි Sunday, 11 May 2025 09:53 AM

අපරාධකරුවන් තම දේශපාලන ආධාරකරුවන් වනවිට නිර්ලජ්ජිතවම මැනවින් සුරකින ආන්ඩුව විසින් පත්කරන මේ කමිටුවේ නිර්දේශයන් ගැන ඕන කෙනෙකුට කල් ඇතිවම කියන්න පුළුවන්. කාන්තා සහ මා කටයුතු බලන අගමැතිනිය ඉල්ලා අස්විය යුතූ නමුත් එයද කිසිදිනෙක සිදු නොවනු ඇත.

:       1       6

Marikkar Sunday, 11 May 2025 01:19 PM

ත්‍රී පුද්ගල කමිටුව පත්කර කරන නාඩගම පස්සේ කරන්න පුළුවන්, දුෂණ කරපු කාලකන්නි ගුරුවරයා අත්අඩංගුවට අරන් හිර ගෙදර යවන්න. නැත්තන් මේ ආණ්ඩුවටත් රනිල් රාජපක්ෂටත් කිසිම වෙනසක් නැත.

:       1       8

Nuwan Sunday, 11 May 2025 02:51 PM

මේක ඛේදජනක සිදුවීමක්. අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පොලිසිය, දේශපාලනඥයින් සහ අනෙකුත් අදාළ බලධාරීන් දරුණු ලෙස අසමත් වූ බව පෙනෙනවා. මේ ආණ්ඩුව පත් කළේ මේ වගේ සිදුවීම් ඇති කරන්න නොවෙයි. සරෝජා පෝල්රාජ් පාර්ලිමේන්තුවේ විකාර කතා කියනවා. මේක ලැජ්ජාවක්...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2355 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site