IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොටහේනේ ගලිවලකට ඇද වැටී සේවකයෝ දෙදෙනෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු කොටහේන හෙට්ටියාවත්ත හන්දියේ දී ගලි වළකට ඇද වැටීමෙන්  අද (27) මියගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 14 ෆර්ගියුසන් පාර පදිංචිව සිටි එල් පි ප්‍රබාශ් 38 හා  කොළඹ 10 මරදාන පදිංචිව සිටි කේ ඩි සම්පත් 28  යන දෙදෙනාය

ඊයේ දහවල්  මියගිය පුද්ගලයන් දෙදෙනා ඇතුළු කම්කරුවන් කීපදෙනකු  හෙට්ටියාවත්‍ත හංදිය ගලි වලක නල පද්ධතිය අලුත්වැඩියා කටයුතු සිදු කරමින්  සිටියදී  එක් අයකු සිහිසුන්ව ගලි වලට වැටී ඇති අතර අවස්ථාවේදී අනෙක් පුද්ගලයා ඔහු බේරා ගැනීම සඳහා උත්සාහ කිරීමේදී ඔහු ද  එයට ඇද වැටී  අනතුර වී ඇතැයි පොලිසිය කියයි. 

වහා ක්‍රියාත්මක වූ සෙසු සේවකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා ගොඩ ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මද වේලාවක දී මියගොස් ඇත. 

ගලි වළ තුළ විෂ ආඝ්‍රාණය වීමෙන් මෙම මරණ සිදු වී ඇති බවට බොහෝ දුරටත් සැක කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

කොටහේනේ ගලිවලකට ඇද වැටී සේවකයෝ දෙදෙනෙක් මරුට

Bunny Preena Tuesday, 28 March 2023 09:19 AM

අපේ රටේ කොහොමත්ම අසාදාරනකම්වලට භාජනය වන පිරිසක් තමයි පිරිසිදු කිරීම් සම්බන්දව සිටින කම්කරුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site