
(තරංග ගුණරත්න)
තම කුළුඳුල් දරුවා ඉපදුණ පසු තමන්ට නොපෙන්වා පැය කීපයකට පසු දරුවා මියගිය බව රෝහල් බලධාරීන් පැවැසූ බවත් එය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බවත් වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුවේ 23 හැවිරිදි මවක් හඬා වැලපෙමින් පැවසුවාය
තමා ඉකුත් 24 වැනිදා අලුයම 2.40 ට පමණ දරුවා බිහි කළ බවත් පසුවදා අලුයම දරුවා මියගිය බව පැවැසූ බවත් ඇය කීවාය
තම දරුවා තමාට නොපෙන්වාම රෝහල් බලධාරීන් වළ දමූ බවට ඇය චෝදනා කළාය
තමාගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන්නැයි වැලිගම පදිංචි එම තරුණ යුවළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඩබ්ලිව්. ඒ. කාවින්ද්‍යා මදුශානි (23 ) තරුණිය සිය කුළුඳුල් දරුවා බිහිකිරීම සඳහා පෞද්ගලික වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඉකුත් 22 වැනිදා රාත්‍රි 11:30 ට පමණ මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලට යොමුකර ඇත.
පසුව ප්‍රතිකාර වශයෙන් ඖෂධ ලබා දුන් බවත් ඉකුත් 24 වැනිදා අලුයම එකයි තිස්පහට පමණ ඇයට අමාරු බවට නිවෙසට පණිවිඩයක් ලබා දුන් බවත් 2.41 ට පමණ දරුවා ලැබී තිබුණ බවත් කියති.
එහෙත් එම දරුවා නැතිවී ඇති බවත් දරුවාගේ අවසන් කටයුතු කිරීමට මාතර පොදු සුසන භූමියේ තැන්පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නගර සභාවට මුදල් ගෙවා රිසිට්පත රැගෙන එන ලෙස දන්වා තිබෙන බවත් පවසා ඇත.
ඒ අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා 24 වැනිදා යොදා ගෙන තිබූ අතර මතක වස්ත්‍ර පූජාව සඳහා ස්වාමීන් වහන්සේලාටත් ආරාධනා කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලගේ වරදින් ළමයා නැති වෙලා. ඒක හංගන්න ඉක්මනට වළලලා. කාලකන්ණි.
මොනතරම් ඛේදවාචකයක්ද? මේ ගැන සොයා බැලිය යුතුයි.
දරුවා වික්කා නම් ගත්තේ දරුවෝ නැති යුවලක් වෙන්න ඕනෑ. ඉතින් ඔවුන්ට දරුවෝ නැත්තේ පූර්ව ආත්මවල කරපු අකුසල් නිසා කරන්න පුළුවන් එහෙම දෙදෙනෙක් නැවතත් මෙහෙම දේවල් කලොත් අකුසලය වැඩිවෙමින් තව තවත් ඉදිරියට යාවි. ඒවාට උදව්වක් කරන අයටත් එම ආනිසංස ලැබේවි... මරණයට පත්වුණා නම් දෙමාපියන්ට පෙන්නන්න ඕනෑ. එහෙම නොකර මාස ගණනක් දරුවෙකු කුස දරා සිටි මවකට දරුවා අහිමිවීම වේදනාවක් වගේම දැඩිසේ මානසික පීඩාවක් වෙනවා කරන කලට පව් මිහිරිය මීසේ කියලා මතක් කරන්න ඕනෑ..
ඔතන ඉන්නවා මෛත්‍රී කියලා කෙනෙක්... GMOA එකේ බලය පාවිච්චි කරලා ඕන අසාධාරණ වැඩක් වහනවා.
ඇයි තාම දොස්තරලා සහ මරණය සහතික කළ කෙනා...වගේ වග කිවයුතු අය මුකුත් කියලා නැත්තේ? එහෙමත් නැතිනම් ඒ ගැන මාධ්‍ය සොයා බලලා නැද්ද තාම?
මේවට කවදාවත් සාධාරණයක් වෙන්නේ නෑ.
ඉස්සෙල්ලම පොලිසියේ පැමිණිල්ල ක් දාන්න. කාගෙ අතින් හෝ අනතුරක් වුනාද දන්නෙත් නැ නේ. ඒකනේ මරණය පෙන්නන්න බැරි. දරැවා නොදැක මොකටද මරණයේ කටයුතු කරන්න ගියේ. සිරැර හමුවුනත් ජාන පරික්ෂා කරන්න. කොහේ හෝ සිට දරැවා නිරුපද්‍රිත ව ලැබේවා මේ අම්මාට .