(විමුක්ති එස් රුද්‍රිගු)
කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට ඇප මත මුදා හැර සිටින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරිය වන රංජනී සිරියලතාට එරෙහිව ඇති නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
රංජනී සිරියලතාගේ සේවා ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වූ බැවින් මෙම ඉල්ලීම කරන බව ඇය වෙනුවෙන් පෙනී නීතිඥවරයා පැවැසුවේය.
රංජනී සිරියලතාට එරෙහිව ගොනුකර ඇති කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කළේය.
නීතිඥවරයාගේ එම ඉල්ලීමට අධිකරණයේ විරෝධතාවක් නොමැති වුවත් වෙනත් අධිකරණයකට නඩුව යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.මූලික විමර්ශන අවසන් වූ පසු චෝදනාවට අදාළ අධි චෝදනා පත්‍රය මහාධිකරණයේ ගොනු කරනු ඇති බවත් එතෙක් වෙනත් අධිකරණයකට නඩුව යොමු කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ඉල්ලීම අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පැවැසුවේය.
විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලක ජනරාල්වරයාට නිකුත් කළ ව්‍යාජ ලේඛනවල දැක්වෙන අත්සන ඇයගේ බවට තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙන බවද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුවේ හිටපු රෙජිස්ට්‍රාර්වරියට එරෙහි නඩුව වෙනත් උසාවියකට මාරු කරන්නැයි ඉල්ලයි
kotiya Thursday, 14 March 2024 01:42 AM
කොහොමටත් තව අවුරුදු 50ක් වත් අහන්න තියෙන නඩුවක්නේ.
Rohana Thursday, 14 March 2024 11:32 AM
උසාවියක ඉහළ තනතුරක් දරමින් මෙවැනි ක්‍රියාවලට පෙළඹීමෙන් තමන් ආදර්ශමත් කෙනෙකු නොවන බව කවුරුත් දැනගැනීම හොඳ නැත.