(විමුක්ති එස් රුද්‍රිගු)

කොටුව මහේසත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් එහි තවත් සේවකයකු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන තෙක් හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(21) නියෝග කළේය.

කොටුව මහේසත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අද(21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු සිතාසි ක්‍රියාත්මක කරන්නකු බවත් ඔහු හෙට(22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් ඉවත් කළ බවට ව්‍යාජ ලේඛනයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  පසුගිය ඔක්තෝබර් 13 වැනිදා අත් අඩංගුවට ගත්තේය