
(ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (28) දින අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම භාණ්ඩ තොගය චීන ජාතිකයන් දෙදෙනෙකු , ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ධනුෂ්ක පෙරේරා , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රුචිර කරුණාතිලක , සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.ඒ.පී.ජී.වීරසිංහ , පී එම්.ටී.එල්.බණ්ඩාර , යූ.ඩී.ටී.ජී.උඩවත්ත සහ එන්.එච්.එන්.ටී.ආර්.හේවාවසම් යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ජේ.එම්.එෆ්.ඉෆත් සහ ධනුෂ්ක පෙරේරා යන මහත්වරුන් විසින් සිදු කර තිබූ අතර ඔවුන් මෙම නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ සියල්ල රාජසන්තක කිරීමට සහ මෙම ගුවන් මගීන් සදහා රුපියල් ලක්ෂ 03 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd