
(සුජිත් හේවාජුලිගේ)
කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ආර්ථික අර්බුදය, දේශපාලනය සම්බන්ධයෙන් ඇති යම් යම් කලකිරීම්, පවතින දේශපාලන වටපිටාව තුළ පෙරලා ප්‍රතිලාභ ලබා ගත නොහැකියි යන සිතුවිල්ල යනාදී කාරණා මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ හේතුවෙන් බොහෝ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු ඇල්මැරුණු තත්වයක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළේය. විදේශ රටවල දානපතීන් අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩට උදව් කිරීමද බොහෝ සෙයින් අඩුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
සාමාන්‍යයෙන් වෙනදා මැතිවරණවලදී ව්‍යාපාරිකයන් ඇතුළු ධනපතියෝ දහස් සංඛ්‍යාත පිරිසක් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වියපැහැදම් කරති.
මේ අතර අධික වියදම් හේතුවෙන් අපේක්ෂකයන් පෞද්ගලිකව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වියදම් කිරීමද හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩු කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
මේ තත්ත්වය මත ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් වියදම් කිරීමද දෙගුණයකින් පමණ අඩුවී ඇතැයි පවසන රෝහණ හෙට්ටිආරච්චි මහතා බොහෝ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇති බව පෙනී යන්නේ යැයිද සඳහන් කළේය.
වියදම් සීමා පැනවීමද ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් වැය කිරීම අඩුවීමට තවත් එක් හේතුවක් බවද දැනගන්නට ඇත. අපේක්ෂකයන් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීම වෙනදාට සාපේක්ෂව වැඩිවුණු තත්ත්වයක් පෙනෙන්නට ඇති බව නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 8000න් සෘජුව ප්‍රචාරක කටයුතුවලට යොමු වී සිටින්නේ 7000කට ආසන්න පිරිසක් පමණක් බව පෙනී යන්නේ යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තමයි රට බංකොළොත් කරේ, වෙනදා UNP එකට පොහොට්ටුවට මාරුවෙන් මාරුවට වියදම් කරමින් රනිල්ලා, මහින්දලාගේ රජයක් බලයට ආවට පස්සේ රජයේ කොන්ත්‍රාත් අරන් ඇමැතිලා එක්ක කොමිස්, මාටියා ගහලා තමයි ගොඩ ගියේ, දැන් වියදම් කරත් අත යටින් දෙන රජයේ කොන්ත්‍රාත් ඒවාට හිලව් වෙන්න ගන්න බැරිවෙයි කියලා පස්ස ගහලා ඉන්නවා.
සිදුවිය යුතු දේ වෙමින් පවතියි.
එක අපේක්ෂකයෙක් පහුගිය ඡන්දෙදී මිනිස්සුන්ට නොදීපු දෙයක් නැහැ. ස්මාර්ට් පන්තිකාමර, බස්, තව එකී මෙකී, නොකී කීයක් ජාති දුන්නාද? ඔක්කෝම රුපියල් කෝටි 112 ටත් වැඩියිලු. ඔය සල්ලි දීපු මිනිස්සු බොහෝවිට ඒවා සාධාරණව හොයා ගත්තු ඒවා නම් වෙන්න බැහැ. එක අතකට වෙච්චි දේ හොඳයි. කොහොමහරි ඉතින් ඒ සල්ලි මොන විදියකින් හරි මිනිස්සුන්ට ගිය එක එක අතකට හොඳයි. මේ අපේක්ෂකයා පැරදිච්චි නිසා ගැටලුවක් නැහැ. බැරිවෙලාවත් දිනුවා නම් ඔය දීපු අය ඊට පස්සේ හම්බ කරන්නේ ඊට වඩා සිය ගුණයකින්. මේ ඡන්දෙදී ඔය සල්ලි පොම්ප කාරයින්ට වැඩේ අප්සට් වෙලා වගේ තමයි ඉන්නේ. ආයේ නම් සල්ලි කීයක් වත් දෙන පාටක් වත් නැහැ වගේ...!
මොවුන් තම ජාතියට හෙණ ගැහුණත් ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ අය සැපට හිටියා නම් ඇති කියලා හොරුන්ට මුදල් යොදවන්න.