(කේ බුද්ධික කුමාරසිරි)
කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයකු විසින් අද (09) දින සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
අදාල ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මල් වඩමක් තැබීමක් සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර සැකකරුවන් කිහිප දෙනෙකු නවගමුව පොලිසියට මගින් අත්අඩංගෙන තිබුණි.
විදෙස්ගතව සිටින පාතාල ක්‍රියාකාරියකු වන කයිවාරු මුතූ නැමැත්තා විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් කිහිප වරක් කප්පම් ඉල්ලා ඇති බවත් එම මුදල් නොදීම නිසාවෙන් මෙලෙස තර්ජනය කරන්නට ඇති බවත් සැක කරන බව නවගමුව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd