(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයේ විවේකානන්ද පාරේ දී ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බෝකර්වරයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සුන්දරම් ඇන්ටනී බර්නාඩ් නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

නයින් එම්.එම්.වර්ගයේ ගිනි අවියකින් පවුවට සහ හිසට වෙඩි ප්‍රහාර කීපයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි. 

වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා රෝහලට රැගෙන යන  විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

බ්‍රෝකර් කටයුතු මෙන්ම මුදල් පොලිසියට දීමේ කටයුතු සිදු කර ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි  ද පොලිසිය පවසයි.