IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාටුන් ශිල්පීන් ජනපති දුටු හැටි හෙට එළිදක්වයි

(අංජුල මහික වීරරත්න)

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ      “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(7) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වැනිදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට  ජාතික නායකත්වයේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර ඇත.

කාටූන් ශිල්පීන් 40 දෙනකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදී ඇගැයීමට නියමිතය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා සහභාගී වීමට නියමිත අතර ඔහු විසින්  විශේෂ දේශනයක් ද සිදු කරනු ඇත.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරයි.

හිටපු ජනාධිපතිවරු,මැති ඇමතිවරු, විදෙස් තානාපතිවරු, මාධ්‍යවේදීහු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධනා ලැබ සිටිති.



අදහස් (2)

කාටුන් ශිල්පීන් ජනපති දුටු හැටි හෙට එළිදක්වයි

අරවින්ද මොනරවිල Wednesday, 06 March 2024 11:03 AM

රටේ සියලුම ප්‍රශ්න විසඳලා තියෙන්නේ, ජනතාව තුන්වේල හොඳටම කාලා සුඛිත මුදිත වෙලා ඉන්නේ. හරියට කේතුමතී පුරය වගේ. ඒ නිසා ශ්‍රිමත් රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට ඉස්පාසුවක් ඉඩ හසරක් ලැබිලා තියෙනවා කලා කෘති රස විඳින්න. කොහොම වුණත් පසුගිය කාලයේ අපිට පෙන්නුව දෙයක් තමයි පිස්සෙක්ට වඩා උම්මත්තකයෙක් භයානක බව...

:       6       18

Banda Wednesday, 06 March 2024 01:27 PM

ආරාධිතයාගේ නම මරුවට ගැලපෙනවා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site