
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රොෂාන් පරණවිතාන නැමැති වයසඅවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි.
අදාල වෙඩි තැබීම සම්බන්ධ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මියගිය පුද්ගලයා විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මියගිය පුද්ගලයා මත්ද්‍රව ළඟ තබා ගැනීම සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු ගණනාවක් තිබෙන පුද්ගලයකු බවත් ප්‍රාදේශීය සභා අපේක්ෂකයා සමඟ කටාන කටියන ප්‍රදේශයේදි ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු පසුපස එළවා ගොස් පිහි පහරවල් කීපයක් එල්ල කර ඇති බවත් අනතුරුව සැකකාර අපේක්ෂකයා විසින් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.
එම වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ නළලට පපුවට සහ උදර ප්‍රදේශයට වැදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තුවාල ලද අපේක්ෂකයාගේ ශරීරයටද පිහි පාරවල් රැසක් එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුජන පෙරමුණේ අයයි, කුඩුකරුවනුයි -- විටෙක බදාගන්නවා, තවත් විටෙක මරාගන්නවා. දෙගොල්ලොන්ට දෙගොල්ලො නැතුව බෑ.
මියගිය පුද්ගලයාව කුඩු කාරයෙක් කරලා ඔහුගේ නමත් ප්‍රසිද්ධ කරලා, මිනීමරුවා වෙඩි තියලා තියෙන්නේ ආත්ම ආරක්ෂාවට කියල නේද මේ කියන්නේ..? කෝ මිනීමරුවාගේ නම..? මිනීමරුවාගේ නම ප්‍රසිද්ධ කරන්න බය ඒ පොහොට්ටුවේ ප්‍රාදේශීය ගණන් කාරයෙක් හින්දද..?
කටානේ රණ හඪ!
වෙඩි වැදිලා මැරිච්ච කෙනාගේ නම දාන්න
ඒ් හැම දෙනා අවි ගත්තෝ වෙති.
ගිනි අවි සියල්ල භාරගත්තා කිව්වා නේද, මේ අවි ආවෙ කොහෙන්ද එහෙනම්? දේශපාලකයන් අතට?