IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොට්ඨාස නවයක නාය අනතුරු

 

(මොහොමඩ් ආසික් සහ ලක්ෂ්මි කුඩලිගම)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 05 වනදා ) පස්වරුවේ නිකුත් කරන ලදි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  නිකුත් කර ඇති එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාස, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පාලින්දනුවර , වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයට නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අතුරින් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක සඳහා දෙවන මට්ටමේ අනතුරුඇඟවීම නිකුත් කරනු ලැබ ඇති අතර මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත තැනකටයාම ගැන අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියි.

අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හත තුළ පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

කොට්ඨාස නවයක නාය අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site