(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.
කැටගොඩ මහතා මෙසේ ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සහ නගර සභා සංශෝධන යන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්ය. මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එම යෝජනා ස්ථිර කළේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.
පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන. ඒත් රජය මුදල් නැහැ කියලා කල් දැම්මා. දැන් කපුටගේ ඉල්ලීමක් මත යෝජනාවක් දාලා තියෙනවා. විසුරුවා හැරපු සභාවල මන්ත්‍රීවරු නැවත ගෙන්වන්න කියලා.මේක කරන්නේ කපුටගේ ඒජන්තවරු. කපුටාගේ අවතාර කියනවා ඡන්දය තියන්නේ නැතුව ආපහු මන්ත්‍රීවරු කැඳවන්න කියලා. මොන විහිලුවක්ද. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ කාලවකවානු අවසන් වෙලා තියෙන අවස්ථාවක මේ කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවට විරුද්ධව අපි අධිකරණයට යනවා. කපුටෝ ඉවරයි. කපුටාගේ අවතාර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ තාත්තා ඒ කාලේ බණ්ඩාරනායක මැතිණියට මිනිස්කමට නිගාදෙන අයුරින් කොපමණ නම් අවලාද නැඟුවාද? වෙසෙසින්ම ඇය කාන්තාවක වීම නිසා. ඉතිං මෙයත් කරන්නේ ඒකමයි. දේශපාලන වශයෙන් විරුද්ධ වීම එකක්. අවලාද නැගීම වෙනම දෙයක්... ඒ වගේම එය වසල වැඩක්...
ජයන්ත, සදාචාර විරෝධී සහ නීති විරෝධී යෝජනා ඉදිරිපත් නොකරන්න, කරුණාකර එය හැකි ඉක්මනින් ඉල්ලා අස්කර ගන්න!
හොරුන්ට තව තවත් හොරකම් මග පාදන්නයි හදන්නේ .මෙයට ඉඩ දෙන්නම එපා
කැටගොඩ කියන්නෙ මෙ වගෙ පජාත වැඩවලටම තියාගෙන ඉන්න අපතයෙක් කියල හමෝම දන්නව. ඔන පැත්තකට නැමෙනව මෙ මිනිහ.
කොහේද යකෝ එහෙම නීති එහෙනම් පරණ එවුන් සේරම ගෙනල්ල දාපන්... චන්දෙ ඕනේ නැහැ..