IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැටගොඩගේ යෝජනාවෙන් මැතිසබය රත්වෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන්   පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.

කැටගොඩ මහතා මෙසේ ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සහ නගර සභා සංශෝධන යන  පෞද්ගලික මන්ත්‍රී  පනත් කෙටුම්පත්ය. මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එම යෝජනා  ස්ථිර කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

පළාත්  පාලන මැතිවරණය  පවත්වන්න ඕන. ඒත් රජය මුදල් නැහැ කියලා කල් දැම්මා. දැන් කපුටගේ ඉල්ලීමක්  මත යෝජනාවක් දාලා තියෙනවා. විසුරුවා හැරපු සභාවල මන්ත්‍රීවරු නැවත ගෙන්වන්න කියලා.මේක කරන්නේ කපුටගේ ඒජන්තවරු. කපුටාගේ අවතාර කියනවා ඡන්දය තියන්නේ නැතුව  ආපහු මන්ත්‍රීවරු කැඳවන්න කියලා. මොන විහිලුවක්ද. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ කාලවකවානු අවසන් වෙලා තියෙන අවස්ථාවක මේ කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි  ක්‍රියාවට විරුද්ධව අපි අධිකරණයට යනවා. කපුටෝ ඉවරයි. කපුටාගේ අවතාර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරනවා.



අදහස් (6)

කැටගොඩගේ යෝජනාවෙන් මැතිසබය රත්වෙයි

මැක්ස් Wednesday, 05 July 2023 06:26 PM

මෙයාගේ තාත්තා ඒ කාලේ බණ්ඩාරනායක මැතිණියට මිනිස්කමට නිගාදෙන අයුරින් කොපමණ නම් අවලාද නැඟුවාද? වෙසෙසින්ම ඇය කාන්තාවක වීම නිසා. ඉතිං මෙයත් කරන්නේ ඒකමයි. දේශපාලන වශයෙන් විරුද්ධ වීම එකක්. අවලාද නැගීම වෙනම දෙයක්... ඒ වගේම එය වසල වැඩක්...

:       41       15

NimalThursday, 06 July 2023 08:46 AM

නිකන් බයිලා එපා ලොක්කා .මුන් ඔක්කොම එක වල්ලේ පොල් .පැනලා දුන්නට වැඩක් නැහැ

:       0       3

Demuni Uduwara Thursday, 06 July 2023 03:52 AM

ජයන්ත, සදාචාර විරෝධී සහ නීති විරෝධී යෝජනා ඉදිරිපත් නොකරන්න, කරුණාකර එය හැකි ඉක්මනින් ඉල්ලා අස්කර ගන්න!

:       1       6

Sunil Keatawala Thursday, 06 July 2023 05:48 AM

හොරුන්ට තව තවත් හොරකම් මග පාදන්නයි හදන්නේ .මෙයට ඉඩ දෙන්නම එපා

:       1       7

Rata Perata Thursday, 06 July 2023 11:18 AM

කැටගොඩ කියන්නෙ මෙ වගෙ පජාත වැඩවලටම තියාගෙන ඉන්න අපතයෙක් කියල හමෝම දන්නව. ඔන පැත්තකට නැමෙනව මෙ මිනිහ.

:       0       2

Athula Thursday, 06 July 2023 03:45 PM

කොහේද යකෝ එහෙම නීති එහෙනම් පරණ එවුන් සේරම ගෙනල්ල දාපන්... චන්දෙ ඕනේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site