IMG-LOGO

කොටිකාවත්තෙන් තිදෙනෙක් මුලතිව් යවති

(ඉන්දිකා රාමනායක)

කොටිකාවත්ත  මහබුත්ගමුවේ  පුද්ගලයකුට   කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන්  පසු  ඔහු ගේ   බිරිද හා දරුවන් තිදෙනා     අද (22)   නිරෝධායනය සදහා  මුලතිව්  නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර  ඇත.
 
මෙම   නිවස  ආසන්නයේ  පිහිටි තවත් නිවාස 11 ක පිරිස  සිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
 
ආසාදිත පුද්ගලයා    එළවළු ව්‍යාපාරිකයකු  බවත්   ඔහු ගේ මව  කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටින හෙයින්  ඔහු    ත්‍රිරෝද රථයකින් දිනපතා ගොස් එම ප‍්‍රදේශයේ   එළවළු අලෙවි කර ඇති බව ට තොරතුරු ලැබුණ බව ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.
 
මොහු ඇතුලූ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ   පිරිස  පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු  මෙම පුද්ගලයාට කොරෝනා  ආසාදිත වී ඇති බවට අද  වාර්තා වු බවත් ඒ අනුව ඔහුගේ  බිරිඳට හා දරුවන් තිදෙනාට  වයිරසය ආසාදිත වී ඇති බවට සැකකරන හෙයින්  ඔවුන්  නිරෝධායනයට යොමුකළ බව   නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.
 



අදහස් (0)

කොටිකාවත්තෙන් තිදෙනෙක් මුලතිව් යවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site