
(දයාරත්න ඇඹෝගම)
පරසන්ගස්වැව,කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇතිවු ආරාවුලකදි තියුණු ආයුධයකින් පහරදි 37 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තානයම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 32 ත් 35 අතර වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම ගැටුමෙන් මොවුන් දෙදෙනාද ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට අතුලත්ව සිටි අතර ඔවුන් පොලිස් අරක්ෂාව සමඟ තව දුරටත් ප්‍රතිකාර ලබති.
මෙම ගැටුමෙන් මිය ගොස් ඇත්තේ තානයම්කුලම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි එච්.එම්.ලොක්කා හෙවත් හේරත් මුදියන්සේලාගේ සුමේධ හේරත් නැමති (37)හැවිරිදි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd