( ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි හැට නව ලක්ෂ හතලිස් දහසක් වටිනා කොකේන් සහ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් ඇමෙරිකාවේ සිට ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ කොළඹ පිහිටි මගී භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම ගුවන් තැපැල් පාර්සලය ගම්පහ ප්‍ර දේශයේ කාන්තාවක පදිංචි ලිපිනයකට එවා තිබුණි .
මෙම සැක කටයුතු පාර්සලය අද (21) දින කොළඹ පිහිටි එම ආයතනයේ දී විවෘත කළ අතර එහි තිබී මරිජුවානා කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 161 ක් සහ කොකේන් ග්‍රෑම් 511 ක් ආහාර ටින් තුළ සගවා තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා .හොඳ ගනුම්කාරයෙක් බලලා දෙන්න