IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටි සමයේ ආයුධ-රන් සොයා කැණීම්

( සිතුම් චතුරංග )

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින්   වවුනියාව, පුදියකොවිල්කුලම් හි අ‍ායුද සහ රත්‍රං සඟවා අ‍ැති බවට සැක ස්ථාන කිහිපයක කැණිම් සිදුකිරීම අද (12) වවුනියාව මහෙස්‌ත්‍රාත් වසීම් අහමඩ් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණ.

පුද්ගලික ඉඩමක්තුල අ‍ායුධ සහ රත්තරන් වළදමා අ‍ැති බවට සැකකෙරන ස්ථාන තුනක් එහිදී කැණීම් සිදුකරනු ලැබීය. 

පසුගිය යුද සමයේ ඉඩම පිහිටි ස්ථානයෙ එල්.ටි.ටි.ඊ සංවිධානයේ කඳවුරක් පැවති බවට තොරතුරු ලැබී තිබූ බවත් පොලිසිය සඳහන් කලේය. 

එ‍් අනුව පොලිසිය වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ  පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් හා පූවරසන්කුලම පොලිසිය කැණිම් සිදුකිරීම සදහා එක්ව සිටියහ.

පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර දෙකක් අධාරයෙන් ඉඩමතුල කැණීම් සිදුකල අතර අවි අ‍ායුධ හෝවෙනත් කිසිවක් සොයැගැනීමට නොහැකි විය.

කැණිම් කල ස්ථානයන් හි කිසිවක් හමු නොවීම හේතුවෙන් මහෙස්‌ත්‍රාත් වසීම් අහමඩ් මහතා පොලිසිය වෙත නියොගකර සිටියෙ කැණිම් කළ ස්ථාන යළි වසාදැමීමට පියවර ගන්නා ලෙසත්ය.

 

 

 



අදහස් (2)

කොටි සමයේ ආයුධ-රන් සොයා කැණීම්

Don Thursday, 12 October 2023 08:37 PM

ඕවා අරගෙන ඉවරයි

:       0       0

ගමේ එකාලා Friday, 13 October 2023 03:25 PM

පවුල් පාලන ආණ්ඩුව කාලේ එයාලා ඕවට වැඩේ දීලා ඉවරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site