
( සිතුම් චතුරංග )
යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වවුනියාව, පුදියකොවිල්කුලම් හි අායුද සහ රත්‍රං සඟවා අැති බවට සැක ස්ථාන කිහිපයක කැණිම් සිදුකිරීම අද (12) වවුනියාව මහෙස්‌ත්‍රාත් වසීම් අහමඩ් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණ.
පුද්ගලික ඉඩමක්තුල අායුධ සහ රත්තරන් වළදමා අැති බවට සැකකෙරන ස්ථාන තුනක් එහිදී කැණීම් සිදුකරනු ලැබීය.
පසුගිය යුද සමයේ ඉඩම පිහිටි ස්ථානයෙ එල්.ටි.ටි.ඊ සංවිධානයේ කඳවුරක් පැවති බවට තොරතුරු ලැබී තිබූ බවත් පොලිසිය සඳහන් කලේය.
එ‍් අනුව පොලිසිය වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් හා පූවරසන්කුලම පොලිසිය කැණිම් සිදුකිරීම සදහා එක්ව සිටියහ.
පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර දෙකක් අධාරයෙන් ඉඩමතුල කැණීම් සිදුකල අතර අවි අායුධ හෝවෙනත් කිසිවක් සොයැගැනීමට නොහැකි විය.
කැණිම් කල ස්ථානයන් හි කිසිවක් හමු නොවීම හේතුවෙන් මහෙස්‌ත්‍රාත් වසීම් අහමඩ් මහතා පොලිසිය වෙත නියොගකර සිටියෙ කැණිම් කළ ස්ථාන යළි වසාදැමීමට පියවර ගන්නා ලෙසත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අරගෙන ඉවරයි
පවුල් පාලන ආණ්ඩුව කාලේ එයාලා ඕවට වැඩේ දීලා ඉවරයි .