(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වේගයෙන් ගියොත් අවුරුදු 18ට වැඩි ලක්ෂ 160ක ජනතාවගේ බදු ලිපි ගොනු විවෘත කරන්නට වසර තිස් දෙකක් ගත වෙන බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේදී විවෘත කරන්නට සමත්ව ඇත්තේ බදු ලිප ගොනු පන් ලක්ෂයකට අඩු ප්‍රමාණයක් පමණක් බව ද මන්ත්‍රීවරයා කීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුට 2023-12-31 දින වන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 1066 ක් හෙවත් කෝටි ලක්ෂයක් බදු මුදල් පැහැර හැර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද දන්නේ..?
අනුන්ගේ බදුවලට කලින් මෙයාගේ වත්කම් ප්‍රකාශය බලන්න. එතකොට දැන ගත්තැහැකි හැටි. මෝඩ තියරි කියන කට්ටයෙක්. හිටපු හැම තැනම ෆේල්...
ඇත්තටම මැතිතුමා ලංකාවෙ කරන කිසිම කටයුත්තක් වෙනුවෙන් සැලසුම් කිරීමක් ඇත්තේම නැහැ .උපාධිධාරීන්ට රැකියා සැපයීම සදහා ආර්ථික සංවර්ධන නිළධාරි පිරිසක් ගමකට කෙනෙක් ලෙසට පත්කලා. මොනවාද උන්දැලා කරන්නෙ කියලා දන්න කෙනෙක් නැහැ. ජනතා මුදලින් වැටුප් අරගෙන පුටු රත්කරනවා පමණයි .බදු ගොනු අහවල් දවසට පෙර අවසන් කරන්න කිව්වා ටිං අංක ගන්න කිව්වා තවමත් එහෙම එකක් ගැන කිසිම දෙයක් දකින්නට නැහැ .ඉතින් මැතිතුමා ඔය වැඩ සංවර්ධන වැඩ නම් සංවර්ධන නිළධාරින් හරහා මේවා කරන්න තිබුනා. ඇත්තටම රටේ ග්‍රාම නිළධාරින් සමග සසදා බලනවිට අනෙක් කිසිම ක්ෂේත්‍ර නිළධාරින් කරන කිසිවක්ම නැතිතරම් කියන්න පුළුවන් (මැතිතුමා සංවර්ධන නිළධාරින් කරන කටයුතු ගැන පුලුල්ව විමර්ශනයක් කලොත් ගෙවන වැටුප් හා දීමනා ජනතා මුදල් කිසිම ප්‍රයෝජනයක් නැති නාස්තියක් කියලා පෙනේවි )