
(සුමිත් පොතුපිටිය)
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ වාලම්පූරියක් අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවස්ථානයක් ආසන්නයේදී සැකකරු පරීක්ෂා කොට වාලම්පූරිය සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදෙන් ලැබෙන වාලම්පූරි,ඇම්බර් වැනි දේවල් අයිති කාටද? පැහැදිලිව ප්‍රකාශ කරන්න....ඔය විදියට මැණික් වීකුනන්නත් බෑ නේද?
වාලම්පූරි ඇම්බර් වගේ මුහුදෙන් ලැබෙන දේවල්වල අයිතිය කාටද? මේ විදියට මැණික් වීකුනන්නත් බෑ නොවේද?
ඉතින් මොකක්ද ඕකේ වැරද්ද? කුඩු විකුණනවා නෙමෙයි නේ
ලෝකයේ ඇතැම් රටවල මේ හක් බෙල්ලන් අල්ලා මස් ගුලිය ගලවා කටුව පසෙකට දමනවා.ඒ රටවල මේ බෙලිකටු ගොඩගහල තියෙනවා.සමහරවිට මේ රටේ මිනිසුන් ඒවා ගෙනෙනවා වෙන්නට පුළුවන්.බෙලිකටු ගන්න කෙනෙක් සිටිනවා නම්,ඒවා අරගෙන සමහර අය පූජා තියනවා නම් ඒවා පොලීසිය අල්ලන්නේ කුමන හේතුවකට දැයි නොසිතේ.මේ බෙලිකටු ගැනීමෙන් හා විකිණීමෙන් කිසිවෙකුට හානියක් හිරිහැරයක් නොවේ නම් ඒවා ඇල්ලීමට පොලීසියට බලයක් තිබේද ? මේ පිළිබඳව මානව හිමිකම් ආරක්ෂා කරන බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇතැයි සිතමු.
වාලම්පුරියක් හිමි කෙනාට එය විකුණන්න බැරි රටක්...