IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි පහක කුෂ් සමග නැටුම් ගුරා ගුවන්තොටේදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත " කුෂ් " නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය .

මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියකු වන අතර ඔහු විසින් සිය ගමන් මල්ල තුළ සඟවා ගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබේ .

කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 278 ක් බරැති මෙම " කුෂ් " ගංජා තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36 ක් තුළ අසුරා , ඒවා ඔහු සිය ගමන් මල්ලේ අසුරා ගෙන තිබුණි .

තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

 



අදහස් (2)

කෝටි පහක කුෂ් සමග නැටුම් ගුරා ගුවන්තොටේදී මාට්ටු

ලුම්බිණි Thursday, 09 May 2024 08:13 AM

පළපුරුදු කෙනෙක් වගෙයි. නැත්නම් මෙහෙම ගෙනෙයිද?

:       0       10

Bunny Preena Thursday, 09 May 2024 09:43 AM

වෙස් මුහුණ ගැල උනා නේද ?හොඳ හොඳ නැටුම් ටිකක් නටලා තියන පාටයි

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site