(අංජුල මහික වීරරත්න)
තිස් වසරක යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සඳහා 14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු ස්මාරකය අසලදී හෙට (19) පස්වරුවේ පැවැත්වේ.
ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය මෙම රණවිරු සැමරුම් උළෙල සංවිධාන කරයි.
රණවිරු සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසූයේ ජාතියේ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා අභිමානවත් සමරු උළෙල මෙවර පවත්වන බවයි.
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් සිහි කරමින් ඔවුන්ගේ වීරත්වය ඇගැයීම සඳහා විශේෂ රණ බෙර වාදනයක් හා පුෂ්පෝපහාර දැක්වීමක් මෙහි දී සිදු කරන බව කමල් ගුණරත්න මහතා කීය.
රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මා පියන් සහ ඥාතීන් ද ජාතික රණවිරු සැමරුම් උළෙලට සහභාගී වන අතර මෙවර ජාතික රණවිරු සැමරුම් උළෙල දේශපාලකයන්ට උත්තමාචාර පුද කිරීම වෙනුවට සියලුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කෙරෙන අයුරින් සංවිධානය කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා උපදෙස් ලබා දී තිබේ.
මියගිය රණවිරුවන් සදහා මතක වස්ත්‍ර පූජා කිරීම මෙන්ම බෞද්ධ ඇතුළු සියලු ආගමික වතාවත් සිදු කොට පුණ්‍යානුමෝදනා කිරීම ද මෙහිදී සිදුකෙරෙයි.
අනතුරුව ජාතික රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතය.මෙහිදී ත්‍රිවිධ හමුදා පෙළපාළිය පවත්වා රණව්රු උත්තමාචාර පුද කිරීමටද නියමිතය.
මෙවර රණ විරු සමරු උළෙලේ දී කිසිදු දේශපාලන කතාවක් නොපැවැත්වීමටද තීරණය කර තිබේ.
ත්‍රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු රණවිරුවන්ගේ ද දේශපාලන පක්ෂ නායකයන්ගේ ද සහභාගීත්වයෙන් රණවිරු සැමරුම පැවැත්වේ.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද මෙවර රණවිරු සැමරුම සඳහා සහභාගී වන බව දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බලාගෙන..කොටින්ගේ හිත රිදෙයි ඕවා කරනකොට..රනිල් එහෙමනේ...
දෙසතියක මතකයක් පමණක් ඇති අපේ මිනිසුන්ට මෙම ඉතිහාසගත ජයග්‍රහණය පිලිබඳ නැවත නැවතත් මතක් කර දිය යුතු වන්නේ වෙසෙසින්ම සමාජ මාධ්‍ය අරක් ගෙන සිටින බක පණ්ඩිතයන් විසින් ඉතා සුක්ෂම ලෙස ජන මනසින් මෙම විජයග්‍රහණය අමතක කරවීමට උත්සහ කරන බැවිනි. බටහිරින්, ඉන්දියාවෙන්, ඔවුන්ගේ දේශීය ඒජන්තයින්ගෙන්, එන්ජීඕ කාරයන් ගෙන් සහ නොයෙක් බලවතුන්ගේ ආශිර්වාදය හිමිකරගෙන මහේශාක්‍ය භාවයක් අත්පත් කරගෙන සිටි කොටි ත්‍රස්තවාදීන්ට පරාජය අත් කර දීමට කැපවූ සියලු රණවිරුවන්, ඊට මතවාදී නායකත්වය දුන් අය සහ දේශපාලන නායකත්වයට කෘතගුණ දැක්වීම මිනිසත්කම දත් අයගේ යුතුකමයි.
මෙය, සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ 2009 යෙන් පසු සියලු වසරයන්හි පැවැත් විය යුතු උත්සවයකි.
රනිල්ම තමයි මේ යුද්ධය දිනන්න බැහැ කියලා ප්‍රභාකරන්ට උතුර, නැගෙනහිර බන්දේසියක තියලා දෙන්න ISGA ගිවිසුම හැදුවේ. අපේ වාසනාවකට රනිල් අන්ත පරාජයක් ලැබුවා. දැන් සමරු උත්සව පවත්වන්න ලැජ්ජා හිතෙන්නේ නැද්ද?