
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩව් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 92 ට අධික වටිනා හසීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයන් තිදෙනකු තලෙයිමන්නාරම මුහුදේදී ,අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
සැකකරුවන් සමග විශාල උර තුනක බහා තිබූ පාර්සල් 95ක අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 92 ක් හා ප්‍රවාහනයට යොදාගත් ඩව් යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරින් බලඝණ නාවිකයන් තලෙයිමන්නාරම වැලි පර ආශ්‍රිත මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා යාත්‍රාකරමින් තිබූ මෙම යාත්‍රාව නිරීක්ෂණය කර අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සමග හසීස් මත්ද්‍රව්‍ය තොගය සහ ඩව් යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයි මන්නාරම පොලිසිය වෙත භාරදී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාව රටට ඉතාමත් විශාල සේවයක් කරනවා. මේ දවස් දෙක තුන තුල මට මතක හැටියට පෙරේදා කෝටි 14ක කේරල ගංජා ඊයේ කොට් 10 කේරල ගංජා අද කෝටි 9ක කුඩු නාවික හමුදාවෙන් අල්ලලා තියෙනවා. චිරං ජයතු