
(ගයාන් සූරියආරච්චි)
වතුර ටැංකියක සඟවා තිබූ දෙකෝටි දාහතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේදී සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
දැනට අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා නැමැත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd