
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුදුහදුන් දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු ඇඹිලිපිටිය කොලඹගේ ආර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සන්තකයේ තිබී සුදු හඳුන් දැව කිලෝ 780 ට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර මොවුන් මේවා සිමෙන්ති ගල් සෑදීමේ ව්‍යාපාරිකක ස්ථානයක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (26) වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවේ ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇඹිලිපිටිය පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd