IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කෝටි දෙකේ බදු නොගෙවූ මවට - පුතාට දුන් නියෝගය

(රෝෂන් තුෂාර)

වසර පහළොවක් තිස්සේ නොගෙවා පැහැර හැරී රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදලක් මාසයකින් ගෙවා නිම කරන්නැයි පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වූ පුතකුට හා මවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය.

වසර හතරක් තිස්සේ අධිකරණය මග හැර සිටියේ යැයි කියන නාවල පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වන රිසා ගුණසේකර සහ අයි .ඩබ්ලිව් ගුණසේකර වග උත්තරකාරුවන්ට මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු ලද වග උත්තරකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙසටද නියෝග කළේය.

සැකකාරියට රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් එකම ලිපිනයේ වසර තිහක් පදිංචිව සිටින පුද්ගලයන් විය යුතු බවත්,වග උත්තරකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

වග උත්තරකාර සමාගම 2009-2010 වසර සඳහා නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් 19227332.00 වැට් බදු මුදල අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2020 වසරේ පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

 



අදහස් (7)

කෝටි දෙකේ බදු නොගෙවූ මවට - පුතාට දුන් නියෝගය

ලුම්බිණි Wednesday, 05 March 2025 07:10 AM

ගිය ගිය තැන හොරු.

:       0       7

ගුණරත්න Wednesday, 05 March 2025 08:08 AM

හද්දා පරණ නඩු වල තීන්දු ආවාම ඒවා අලින්නේ අපේ වැඩ! මාලිමා කටුස්සන් කියති

:       32       8

පිටරටවැසියා Wednesday, 05 March 2025 09:32 AM

ඉතාමත් හොඳ තීන්දුවක්. මෙයිට වැඩිය ලොකු තෝරු-මෝරු ඕනෑතරම් ඉන්නවා. ඒගොල්ලන්වත් අත්අඩංගුවට අරගෙන ඉතාම ඉක්මණින් සාධාරණයක් ඉෂ්ට කරන්න.

:       0       34

Abid Wednesday, 05 March 2025 10:32 AM

බියයෝ යටගහලා තිබුණ ඒවා තමයි මේ....

:       1       9

Lalla Wednesday, 05 March 2025 11:29 AM

අද මුදලේ වටිනාකම අනුව කෝටි පහක්වත් ගෙවන්න ඕනෑ.. ලංකාව එහෙම ක්‍රම වේදයකට ගිහිල්ලා නෑ නේද?

:       1       13

P රත්නායක Thursday, 06 March 2025 02:57 PM

හුගක් එවුන් ද්වේශයෙන් බලනවා ව්‍යාපාරිකයින් දිහා. ව්‍යාපාර වැටෙනවා සමහරක් කියන ඒවා කලොත්.බොලා දන්නවද ඇලෝසියස්ගේ බදු අඩුකලා කියා

:       0       1

P රතරත්නායක Thursday, 06 March 2025 02:54 PM

ඔය කුඩා බදු සහ බදු වංචා සම්බන්ද ඒවාට ආණ්ඩු සම්බන්ධ නෑ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site