IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි ගණනට සිංහල දරුවන් යුරෝපයට පටවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම යුවළ යුරෝ 30000 ත් 50000 ත් (ශ්‍රී ලංකා රුපියල් 10543312 - 17572187) අතර මුදලක් එක් ළමයෙක් සඳහා අය කර ඇති බව රුස්ලින් මහතා පෙන්වා දී තිබේ.

මෙම යුවළ, විදේශ ගමන් බලපත්‍රය සෑදීම සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අවුරුදු 12 වයස් සීමාවේ පසුවන දරුවන් සිටින මැලේසියානු දෙමාපියන් පොළඹවා ගෙන ඇති බව රුස්ලින් මහතා ප්‍රකාශ කර තිබේ.

එසේ දෙමාපියන් පැමිණි විට ඔවුන්ගේ දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්‍රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර ඇති බවත් අනතුරුව සාර්ථකව විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවලට ජාවාරම් කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා පෙන්වා දී ඇත.

පසුගිය 12 වැනිදා මෙම යුවළ දරුවකු සමඟ ක්වාලා ලාම්පූර් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ ඇති අතර එහිදී නිලධාරීන් යුවළගෙන් ප්‍රශ්න කර තිබේ.ප්‍රශ්න කිරීමේදී යුවළ සමඟ සිටි දරුවාට මැලේසියානු භාෂාව කතා කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.

අත් අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ වයස අවුරුදු 26 සහ 37 පසුවන්නන් බව මැලේසියානු පොලිසිය ප්‍රකාශ කර තිබේ. අත් අඩංගුවට ගත් අඹු සැමි යුවළ මේ වන තෙක් යුරෝපයට ළමුන් කී දෙනෙක් ජාවාරම් කර ඇත්දැයි සහ මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී දැයි සෙවීම සඳහා වැඩි දුර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මැලේසියානු පොලිසිය පෙන්වා දී ඇත.

 

 



අදහස් (3)

කෝටි ගණනට සිංහල දරුවන් යුරෝපයට පටවයි

Mayadunna Friday, 21 April 2023 01:59 PM

ලොකුවෙලා බෝට්ටු වලින් පනින්න හදලා දුක් විඳිනවාට වඩා මෙහෙම පොඩි කාලේම අරන් යන එක හොඳයිනේ...

:       0       2

Bamunuarachchi Saturday, 22 April 2023 03:27 PM

ලක්ෂ ගණන් වියදම්කර යුරෝපයට පැනගන්න බැරුව ඉන්න වෙලාවේ පොඩිකාලේම යුරෝපයට යන්න ලැබීම වාසනාවක්‌ නොවෙයිද?

:       0       3

Bamunuarachchi Sunday, 23 April 2023 03:54 PM

දේශපාලකයින් නිසා කාලකන්නි වෙච්ච මේ රටේ ඉන්නවාට වඩා ලෝකේ ගැන නොදන්න කාලයේ දීම මේකෙන් චුත වෙච්ච දරුවෝ හොඳට ඉන්න බව අපි දැකලා තිබෙනවා. මේ ළමයි වාසනාවන්තයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site