(අජන්ත කුමාර අගලකඩ)
වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති අලි වැටවල් ආරක්ෂා කිරීමට යොදවා ඇති පිරිසට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් කෝටි පන්සියයක් පමණ වැයවන බව ද හෙතෙම සඳහන් කළේය.
අලි වැටවල් ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ 4500 පමණ යොදවනු ලැබ ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාපැවසීය.
මීට අමතරව, බහුකාර්ය සේවා බලකායේ ද 4500ක් පමණ අලි වැටවල් ආරක්ෂා කිරීමට යොදවා ඇතැයි හෙතෙම කීවේය.
අලි වැටවල් ද රජයේ වියදමින් ඉදිකර,ඒවා බලා ගැනීමට මෙතරම් විශාල මුදලක් යොදවා ආරක්ෂකයන් යෙදවීම ගැටලුවක් බව කී තෙන්නකෝන් මහතා අලිවැටවල් ඉදි කළ ද,වන අලින් ගමවැදීම සහ අලි මිනිස් ගැටුම් අඩු වී නොමැති බවද ප්‍රකාශ කළේය.
එබැවින් මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු කාලය එළඹ ඇතැයි ද ඔහු කීවේය.
මේ අතර,සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂකයන් දෙදහස් පන්සියයක් පමණ ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තිස්තුන් දහසක පමණ පිරිසක් සේවය කරති.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි ගණනක් විදයම් කළත් අලි වැට වැඩක් නෑ
Lalla Saturday, 06 May 2023 09:45 PM
ඊටවැඩිය ලාබයි, හිතකරයි... අලින්ගේ ගෝචර බිම් සහ අලිමංකඩ වලින් පදිංචිකරුවන් ඉවත් කර නැවත පදිංචි කරවීම. ඒක මේ වියදමින් භාගයක් නොයා කළහැකියි. අනික අනවසර ඉඩම්වලින් පදිංචිව සිටින අය පන්නලා දාන්න ඕනෑ...
පැරකුම් Sunday, 07 May 2023 11:18 AM
අලිවැට අසාර්ථක බැව් තහවුරු වී කලක් ගතවී ඇතත් එය තවදුරටත් පවත්වාගෙන යන්නේ කාගේ වුවමනාවට දැයි සොයාබැලීම වටී. වෙනත් ඉතා සරල ක්‍රම ඇතත් ඒවායින් බලධාරීන්ගේ සාක්කු පිරවීමට නොහැකි නිසා ඒවා පසෙකට දමා ඇති බව පැහැදිලියි...