(සුජිත් හේවාජුලිගේ)
විවිධසමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
ඊට මත්පැන් නිෂ්පාදන ආයතන රැසක්ද ඇතුළත් වන බව පැවසූ හෙතෙම මෙම පිරිසෙන් කෝටියේ සිට එක්කෝටි පනස් ලක්ෂය දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 3108 ක් බවද ප්‍රකාශ කළේය.
කෝටි පහේ සිට කෝටි දහය දක්වා මුදලින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 632ක් බවත් රුපියල් කෝටි දහයේ සිට කෝටි 30 දක්වා බදු මුදල් පැහැර හැර ඇති ඇති සංඛ්‍යාව 457 ක් බවත් මහාචාර්යවරයා කීවේය.
රුපියල් කෝටි තිහේ සිට රුපියල් කෝටි පනහ දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 104කි.
රුපියල් කෝටි පනහේ සිට කෝටි සියය දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 88ක් බවත් කෝටි 100ට වැඩි ගණනින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 90 ක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි ගණන් බදු පොලු තැබූ තෝරු මෝරු 4479ක්
ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 13 May 2024 06:35 PM
මැතිවරණයක් ලංවෙද්දී ගොඩාක් සල්ලි කාරයෝ දේශපාලකයින්ගේ ප්‍රචාරක කටයුතු සඳහා ඇත දිග හැර කරනවා. ඒවා සියල්ල සිද්ධ වන්නේ ගොඩක් හේතූන් මත. මැතිවරණය අවසන් වෙලා තමාගේ සගයා දිනුවට පසුව ඒ සියල්ල මෙහෙමය් පියවා ගන්නේ. ඊට පස්සේ ඒ සියලුම පාඩු අපි තම පියවන්නේ. මේ නිසා තමා අනුර සහෝදරයා විටින් විට කියන්නේ 'දුෂිත දේශපාලන වළල්ල' කියලා.
Thilak Monday, 13 May 2024 06:44 PM
ඔය කියන ගණන් ටික එකතු කරල බැලුවම රට මේ විදියට තියෙන එකත් ලොකු දෙයක්.හැබැයි ඔය පොලු තියල තියෙන්නෙ නැති බැරි දුප්පත් මිනිස්සු නම් නෙවෙයි .ඉහළ පෙලේ නිලධාරීන් සහ දේශපාලුවන්ගේ සම්බන්ධකම් ඇති තක්කඩියො.අර කියන දෙපිරිසත් ඒකට අයිතියි.මේ රට තවදුරටත් ජීවත් වීමට සුදුසු රටක් නෙවෙයි .රටින් පිටවෙලා අවස්ථාවන් හොයා ගන්න පොඩි හරි හැකියාවන් තියෙන අය තවත් පමා නොවී ඒ දේ කරන එක තමයි සුදුසුම දේ.කණගාටුවෙන් උනත් ඇත්ත එයයි.
Lalla Monday, 13 May 2024 09:35 PM
මේ හොරු පොලු තියෙන ප්‍රමාණය වෘත්තිකයන් උපයන සොච්චමින් හූර ගන්න තමා ඔක්කොම නීති හැදුවේ. නැතිව උන්ගෙන් කොටසක් හරි අයකර ගන්න නොවේ නොවේද?
Kumar Tuesday, 14 May 2024 04:12 AM
ඇමෙරිකාවේ කලින් සිටි ජනාධිපති ඩොලර් කෝටි 10ක පොල්ලක් තබා ඇති බව ආදායම් බදු සේවය වාර්තා කර ඇත.
siripala Tuesday, 14 May 2024 06:19 AM
එදා ඉඳල ඔය ධනපතියි කියන අමනයෝ දේශපාලුවෝ එක්ක එකතුවෙලා මේ රට නැත්තටම නැතිකළා.බලන්න ගිගිල්ලා මහියංගන,පදියතලාව, දෙහි අත්තකන්ඩිය පැත්තේ දවසට එක වේලක් කාලා ඉතිරි වේල් දෙක වතුර බීලා ජීවත් වෙන්නේ. එත් උන් මහ පක්ශවල එවුන්ට කඩේ යනවා.උන් දන්නේ නැහැ උන් මිලට ගන්න සීනි ඇටේ ,පරිප්පු ඇටේ ඉඳල ගහන බදුවලින් ඔය කියන අමන රැල හොඳට බදු වංචා කරලා සුර සැප විඳිනවා කියල.මාලිමාවේ මිනිස්සු උගුර ලේ රහ වෙනකල් කියන දේ තේරුම් ගන්න බැරි මෝඩයෝ ඉන්න කල් මේ රට හදන්න බෑ. ඔය කියන බදු වංචා කාරයෝ ඒකයි මාලිමාව බලයට එනවට තදින්ම විරුද්ද..
Sandra Tuesday, 14 May 2024 11:24 AM
නුවර තියනවා හොටෙල් සමූහයක් .හොර ගුහාවක් .හැම දේකටම කප්පම් කරගන්නේ .ඔය කියන බදු ගොඩේ ඉහලින්ම ඉන්නවා දේශපාලුවන්ගේ පිහිටෙන්