
අතුල බණ්ඩාර
අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකින් සොයාගත් කේරළ ගංජාවල වටිනාකම රුපියල් කෝටි 11කට අධික බව පොලිසිය කියයි.
එහි තිබූ ගංජා ප්‍රමාණය කිලෝ 386 ග්‍රම් 500 ක් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවාඩු නිකේතනයේ විශ්‍රාමික සාජන් මේජර්වරයකු සහ පෞද්ගලික බස් රියැදුරක් අතුළු නව දෙනකු අත්අංඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරමට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

(අතුල බණ්ඩාර)
අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නවතැන් පොළකින් කේරළ ගංජා පාර්සල් 200 කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි
එම ගංජා එක් පාර්සලයක කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් අසුරා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
එම ගංජා තනමල්විල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ පෞද්ගලික බසයක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර වන්දනා නඩ රැගෙන යන මුවාවෙන් මෙම ගංජා ප්‍රවාහන කිරීමට සූදානම් සිට ඇත.
බස් රථයේ සඟවා තිබූ ගංජා පාර්සල් කීපයක් ද සොයාගෙන ඇත. බස් රථයේ රියදුරු සහ තවත් අයකු පොලිස් බාරයට ගෙන ඇති අතර නවාතැන් පොළේ හිමිකරු සහ විශ්‍රාමික හමුදා සාමාජිකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි. මෙහි වීදි වටිනාකම රුපියල් කෝට 5කට අධික විය හැකි බව පොලිසිය අනුමාන කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඟට ඉනි කැපුවා වගේ වැඩ...!!!
මේවගෙන් ඖෂධ නිෂ්පාදනය කරලා අලෙවි කරනන තිබුණා. හොද ජාතික ආදායමක් ගන්න තිබුණා.