
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී කපිල )
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගමන්බඩු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ආනයනය කළ මගීන්ගේ ගමන් බඩු අඩංගු බහලුමක තිබූ පාර්සලයක් තුළ තිබී කිලෝ එකයි ග්‍රෑම් 98 ක් අත්අඩංගුවට ගත් බව කී සීවලී අරුක්ගොඩ මහතා එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 16,470,000 ලෙස තක්සේරු කර ඇති බව ද සඳහන් කළේය.
වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාරදීමට නියමිත බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd