(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට තැපැල් මාර්ගයෙන් එවීමෙන් පසුව අදාල අයිතිකරුවන් දිගු කලක් නිශ්කාෂනය නොකර අතහැර තිබූ පාර්සල්වල තිබී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් මරිජුවානා සහ කෘත්‍රිම මත්පෙති තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය.
කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු, තැපැල් දෙපාර්තමේන්තුවේ, රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ඉදිරිපිට පාර්සල් පරික්ෂා කළ බවත් පාර්සල් තුල තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1406 ක වටිනාකම රුපියල් 14,085,000 ලෙස තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම පාර්සල් ශ්‍රී ලංකාවේ විවිධ පලාත් වල පුද්ගලයන්ගේ ලිපිනයන්ට එවා ඇති අතර ඒවා ඇමෙරිකාව, කැනඩාව හා එක්සත් රාජධානිය යන රටවල් වලින් එවා ඇති බවත් අදාල පාර්සල් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට බාර දීමට නියමිත බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය රේගුව සොයාගනී
Aruna Wednesday, 06 September 2023 06:43 AM
දැන් ඉතින් කියව කියව ඉන්නේ නැතිව, නීතියේ තිබෙන ප්‍රතිපාදන පාවිච්චි කරලා ඉක්මනින් විනාශ කරන්න. නැත්නම් ඉතින් ඕකත් වෙළඳ පොළේ.
Bunny PreenaWednesday, 06 September 2023 01:26 PM
සහතික ඇත්ත....