
(ටී.කේ.ජී.කපිල)
රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයා වසර 15 ක සේවා කාළයක නිරතව සිටින මාතර , හක්මණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු තම රාත්‍රී සේවා මුරය නිමා කර , ගුවන් මගින් පැමිණි කිසියම් මගියෙකු විසින් සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළ දී ලබා දුන් රන් බිස්කට් තොගය , ඔහුගේ කළිසම් සාක්කු වල දමා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙසේ මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපොළෙන් පිට කර දීමට රුපියල් හැට දහසක මුදලක ලබා දීමේ පොරොන්දුව මත මෙම ආරක්ෂක නිලධාරීවරයා කටයුතු කර ඇති බව රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
කැරට් 24 මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.6 ක් බරකින් යුක්ත වන අතර මෙම රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 086 ක බරකින් යුක්තය .
මෙම අවස්ථාව අධීක්ෂණය කිරීම සදහා රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.
මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් තොටුපොළ ආරක්ෂක පරීක්ෂක නිලධාරීවරයා අත් අඩංගුවේ තබා ගෙන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැටදාහක් හොයන්න ගිහිල්ල ජොබ් එකයි පැන්ෂන් එකයි දෙකම නැති කරගත්ත නේද මැටි මීහරකා