IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි අසූ ලක්ෂයක රන් බිස්කට් කටුනායකදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) අලුයම  අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයා වසර 15 ක සේවා කාළයක නිරතව සිටින  මාතර , හක්මණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු තම රාත්‍රී සේවා මුරය නිමා කර , ගුවන් මගින් පැමිණි කිසියම් මගියෙකු විසින් සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළ දී ලබා දුන් රන් බිස්කට් තොගය , ඔහුගේ කළිසම් සාක්කු වල දමා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙසේ මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපොළෙන් පිට කර දීමට රුපියල් හැට දහසක මුදලක ලබා දීමේ පොරොන්දුව මත මෙම ආරක්ෂක නිලධාරීවරයා කටයුතු කර ඇති බව රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

කැරට් 24 මෙම රන් බිස්කට් එකක්   ග්‍රෑම් 116.6 ක් බරකින් යුක්ත වන අතර මෙම රන් බිස්කට් තොගය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 086 ක බරකින් යුක්තය .

මෙම අවස්ථාව අධීක්ෂණය කිරීම සදහා රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.

මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් තොටුපොළ ආරක්ෂක පරීක්ෂක නිලධාරීවරයා අත් අඩංගුවේ තබා ගෙන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්  මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති 



අදහස් (2)

කෝටි අසූ ලක්ෂයක රන් බිස්කට් කටුනායකදී මාට්ටු

යෝගා Friday, 21 June 2024 03:26 PM

හැටදාහක් හොයන්න ගිහිල්ල ජොබ් එකයි පැන්ෂන් එකයි දෙකම නැති කරගත්ත නේද මැටි මීහරකා

:       0       25

JayakodySaturday, 22 June 2024 01:08 PM

අහු වුණේ ඕකනේ අහුනොවුණු ඒවා මොනතරම් ඇතිද? ඕවානම් මොනවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site