(මුදිතා දයානන්ද)

වෛද්‍ය සැපයුම් ගබඩාවල පැවති රුපියල් කෝටි 92.97ක් වටිනා ඖෂධ තත්වයෙන් බාල ඒවා බව හඳුනාගැනිමෙන් පසු 2020- 21 කාලය තුළ භාවිතයෙන් ඉවත් කර ඇති බවද එසේ ඉවත් කළ ඖෂධ අතර හෘද රෝ අක්ෂි ආසාදන, පිළිකා හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ තිබු බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කිරිමට පෙර එම තොගවලින් බොහොමයක් වසර ගණනාවක් තිස්සේ රෝහල් වෙත නිකුත් කර ඇති බවද එසේ නිකුත් කර තිබෙන්නේ ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ රසායනාගාරය මගින් පරීක්ෂා කිරිමේ හැකියාවක් නොතිබුණු නිසා බවද එම වාර්තාවේ සඳහන් වේ.

එම ආයතනයෙන් මෙම පරික්ෂාව සිදුකළ නොහැකි වුවද කර්මික තාක්ෂණ ආයතනයේ ස්ථාපිත කර තිබෙන ඖෂධ රසායනාගාරය ඒ සඳහා භාවිතා කළ හැකිව තිබු බවද එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ රාජ්‍ය අමාත්‍යංශය හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සඳහා කටයුතු කර නොතිබු බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ඖෂධ භාවිතාය අත්හිටුවීමට පරිඝනක පද්ධති භාවිතයෙන් සියලු රෝහල් දැනුවත් කරන බවද විගනනයට පොරොන්දු වී තිබුණද ඒ සඳහා පසුකම් 1521ක් වු රෝහල් පද්ධතියෙන් රෝහල් 1381කම නොමැති බවද විගණනයට නිරීක්ෂනය වි තිබේ.